Tuesday, April 12, 2016

නාකිවෙන බව ඔබට දැනෙන්නේ...


*ටයිපටයේ අග කලිසමේ උඩ ළඟටවත් නොඑන විටදීයි.
*නිදා ගන්නට යද්දී දෙදෙනෙකුට එකට කරන්න පුළුවන් දෙයට කියන .... වචනය ‘පොතක්කියවන්න’ බවට පත්වූ විටදීයි.
*වැදගත් පුද්ගලයන්ගේ නම් සහ දුරකථන අංක සඳහන් ඔබේ පුංචි පොත දොස්තරවරුන්ගෙන් පිරුණු විටදීයි.
*උපන්දිනයේදී කපන කේක් කෑ‍ල්ලේ මිලට වඩා  එහි තබන ඉටිපන්දම්වල මිල වැඩි ‍වන විටදීයි.
*ඔබ සහ ඔබේ දත් තවදුරටත් එකට නිදා නොගන්නා විටදීයි.
*ලිංගික සංසර්ගය නැතිව ජීවත් වීමට හැකියාවත්, එහෙත් කණ්නාඩි කුට්ටමක් නැතිව ජීවත් වීමට නොහැකියාවත් ඇති වූ විටදීයි.
*ඔබ නිවසේ ‘පාටියක්’ දානකොට අසල්වාසීන්ට ඒ ගැන කිසිම උනන්දුවක් ඇති නොවන විටදීයි.
*ඔබ යනවාට වඩා ඔබේ පස්ස එළියට යන විටදීයි.
*ඔබේ ඔළුවට වඩා ඔබේ කන් මයිල්වලින් පිරුණු විටදීයි.
*ඔබ නිදාගෙන සිටිද්දී ඔබ මියගොස් ඇතැයි අනෙක් අය කලබලයට පත්වන විටදීයි.
*සුරතාන්තය සහ ‘හාට් ඇටෑක්’ එකක් අතර වෙනස කියන්න ඔබට නොහැකි වන විටදීයි.
*පහළට නැවුනු හැම දෙයක්ම ආපසු නැගී සිටිය යුතුව තිබුනත්, නැවී ගිය හැම දෙයකටම ආයෙත් උඩට එන්න බැරි කාලය ඇවිත් බව දැනගත් විටදීයි.
*බැදපු මස් පෙත්තක් හපද්දී ඔබේ දත් එහි හිරවී නතර වන විටදීයි.
*වේළුණු සිහින දැකීමත්, ගුද වාතයෙන් ඇඳ තෙත බරියම් කිරීමත් ඔබ පටන් ගන්නා විටදීයි.

තර්ක කලාව

*ඕනෑම තර්කයකදී අවසාන වචනය තිබෙන්නේ කාන්තාවටය. ඊට පසුව පිරිමියා කියන ඕනෑම දෙයක් අලුත් තර්කයකට මුලපුරයි.
*මෝඩයෙක් එක්ක කවදාවත් තර්ක කරන්න එපා. එයා එයාගේ පහත් මට්ටමට ඔයාව ඇද දමලා ඊට පස්සේ එයාගේ පළපුරුද්දෙන් ඔයාව පරාජය කරාවි.

*මගේ විවාහ සංවත්සරයේදී මගේ බිරිඳ මම හැමදාම සිහින දැකපු දෙයක් කරන්නට ඉඩ දුන්නා. තර්කයකින් දිනන්න ඇය මට ඉඩ දුන්නා.

Tuesday, March 1, 2016

දැන්වීම් පුවරු

යාඥා කරන ශාලාව ඉදිරිපිට දැන්වීම් පුවරුව

කරුණාකර ඔබේ බෑග්, මුදල් පසුම්බි, ජංගම දුරකථන සැලකිල්ලක් නැතුව තියන්න එපා. තමන්ගේ
යාඥාවලට උත්තර ඒවා කියලා අනෙක් අය හිතන්න ඉඩ තියෙනවා.


ගරාජයක් ඉදිරිපිට දැන්වීම් පුවරුව

ඔබේ බ්‍රේක් රෙපයාර් කරන්න අපට බැරිනම්, අපි ඔබේ නලාවේ සද්දෙ වැඩි කරනවා.

අවන්හලක් (බාර්) ඉදිරිපිට දැන්වීම් පුවරුව

යමක් අමතක කර දමන්න බොන අය කරුණාකරලා කලින්ම බිල ගෙවන්න.

පුස්තකාලය ඉදිරිපිට දැන්වීම් පුවරුව

අවවාදයයි...! ‘කාමසූත්‍ර’ කියවද්දී කරුණාකර පොත අත් දෙකෙන්ම අල්ලා ගන්න.

මැද වයස


*මැද වයස කියන්නේ, රාත්‍රියේ ඔබ නින්දට යන අවස්ථාවේ “උදේට මට හොඳ සනීපයක් දැනේවි” කියලා බලාපොරොත්තු වෙන කාලයටයි. 
මහළු වයස කියන්නේ රාත්‍රියේ ඔබ ඇඳට යන අවස්ථාවේදී, “හෙට උදේට මට නැගිටින්න ලැබේවා!” කියලා ප්‍රාර්ථනා කරන කාලයටයි.

*ඇය කියනවා ඇය වයස අවුරුදු හතළිහට ආසන්න වෙමින් ඉන්නවා කියලා. ඒ මොන පැත්තෙන්ද කියලා මට වටහා ගන්න බැහැ.

*මැද වයසේ සිටීමේ හොඳ ප්‍රවෘත්තිය වන්නේ ඔබේ අරක්කු වීදුරුව තවමත් බාගෙට පිරී තිබීමයි.
නරක පුවත වන්නේ වැඩි කලක් නොගොසින්ම ඔබේ දත් ඒ වීදුරුවේ පාවෙමින් තිබීමයි.

Tuesday, February 9, 2016

එයා ආයේ ආවොත්......?

වයස්ගත යුවළක් නිවාඩුවකට ජෙරුසලමට ගියහ. ඔවුන් එහි සිටියදී බිරිඳ මිය ගියාය. අවමංගල්‍ය සංවිධායකවරයා සැමියාට මෙසේ කරුණු පැහැදිළි කර දුන්නේය.
“ඩොලර් 5,000කට බිරිඳගේ මෘතදේහය ඔබේ රටට නැවෙන් යවන්න පුළුවනි. එහෙම නැත්නම් ඩොලර් 150කට මේ ශුද්ධ භූමියේ වළ දමන්න පුළුවනි.”
මේ ගැන කල්පනා කළ සැමියා, බිරිඳගේ දේහය නැවෙන් ගෙදර යවන්න වුවමනා බව කියා සිටියේය.
මෙයින් පුදුමයට පත් අවමංගල සංවිධායකවරයා සැමියාගෙන් මෙසේ අසා සිටියේය. 
“බිරිඳගේ දේහය නැවෙන් ගෙදර ගෙනියන්න ඔබ ඩොලර් 5,000ක් වියදම් කරන්නේ ඇයි? ඇය මෙහේ භූමිදානය කරන්න ඔබට වියදම් වෙන්නේ ඩොලර් 150ක් විතර‍යිනේ...”
එවිට සැමියා මෙසේ පිළිතුරු දුන්නේය. 
“මීට ගොඩ කාලයකට ඉස්සර මෙහෙදි මිනිහෙක් මැරුණා. එයාව වළ දැමුවා. නමුත් දවස් තුනකට පස්සේ එයා මළවුන්ගෙන් නැගිට්ටා. මට ඒ අවදානම ගන්න බැහැ.”

මචං......

සැමියාගේ බීමත්කම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කාන්තාවක් පූජකවරයෙක් හමුවීමට ගොස් පිළිසරණක් ඉල්ලා සිටියාය. කාන්තාවගේ කතාව අසා සිටි පූජකවරයා අවසානයේ සැමියාගේ බේබදුකම නැති කිරීමේ උපක්‍රමයක් මෙසේ පැහිදිලි කර දුන්නේය.
“ඔබේ සැමියා බීලා ගෙදර එන ඊළඟ දවසේ ඔබ ඔබේ මුළු ශරීරයම වැහෙන්න සුදු රෙද්දක් පොරවා ගෙන ‘මම තමයි යක්ෂයා’ කියලා කෑගහලා ඔහු බය කරන්න.”
සැමියා හොඳටම වෙරි වී වැනි වැනී ගෙදර එන විට මැදියම් රැයත් පසුව තිබිණි. ලොකු සුදු රෙද්දකින් ඇඟ වසාගෙන ඔහු එනතුරු බලා සිටි බිරිඳ එක්වරම සැමියා ඉදිරියට පැන, “හූ...මම තමයි යක්ෂයා..” කියමින් කෑගැසුවාය. එවිට බීමත් සැමියා වහාම දකුණත දිගහැර මෙසේ කීවේය.
“දාපං මචං පහක්..මම බැඳලා ඉන්නේ උඹේ නංගිවයි!”

විවාහයට පෙර සහ පසු

විවාහයට පෙර ඔහු සහ ඇය මෙවැනි පිළිසඳරක...
ඔහු - ඔව්..හොඳටම ඇති. මේච්චර කාලයක් කොච්චර අමාරුවෙන්ද හිටියෙ.
ඇය - ඔයා කියන්නෙ මට යන්න කියලද?
ඔහු - නැහැ! එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා.
ඇය - ඔයා මට ආදරේද?
ඔහු - නැතුව..නැතුව..සිය දහස් වාරයක්.
ඇය - ඔයා මට කවදාවත් වංචාවක් කරලා තියෙනවාද?
ඔහු - නැහැ! ඔයාට එහෙම අහන්න හිතුනේ ඇයි?
ඇය - ඔයා මට ‘කිස්’ එකක් දෙනවද?
ඔහු - මට පුළුවන් හැම වෙලාවෙම.
ඇය - ඔයා මට ගහනවද?

ඔහු - ඔයාට පිස්සුද? 
ඇය - මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද?
ඔහු - ඔව්.
ඇය - ඩාලිං..!
විවාහයෙන් පසුව මේ දෙන්නාගේ සංවාදය කොහොමද කියලා බලන්න (අග සිට මුලට) කියවන්න.