සැමියාගේ බීමත්කම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කාන්තාවක් පූජකවරයෙක් හමුවීමට ගොස් පිළිසරණක් ඉල්ලා සිටියාය. කාන්තාවගේ කතාව අසා සිටි පූජකවරයා අවසානයේ සැමියාගේ බේබදුකම නැති කිරීමේ උපක්‍රමයක් මෙසේ පැහිදිලි කර දුන්නේය.
“ඔබේ සැමියා බීලා ගෙදර එන ඊළඟ දවසේ ඔබ ඔබේ මුළු ශරීරයම වැහෙන්න සුදු රෙද්දක් පොරවා ගෙන ‘මම තමයි යක්ෂයා’ කියලා කෑගහලා ඔහු බය කරන්න.”
සැමියා හොඳටම වෙරි වී වැනි වැනී ගෙදර එන විට මැදියම් රැයත් පසුව තිබිණි. ලොකු සුදු රෙද්දකින් ඇඟ වසාගෙන ඔහු එනතුරු බලා සිටි බිරිඳ එක්වරම සැමියා ඉදිරියට පැන, “හූ...මම තමයි යක්ෂයා..” කියමින් කෑගැසුවාය. එවිට බීමත් සැමියා වහාම දකුණත දිගහැර මෙසේ කීවේය.
“දාපං මචං පහක්..මම බැඳලා ඉන්නේ උඹේ නංගිවයි!”

No comments:
Post a Comment