Tuesday, March 1, 2016

මැද වයස


*මැද වයස කියන්නේ, රාත්‍රියේ ඔබ නින්දට යන අවස්ථාවේ “උදේට මට හොඳ සනීපයක් දැනේවි” කියලා බලාපොරොත්තු වෙන කාලයටයි. 
මහළු වයස කියන්නේ රාත්‍රියේ ඔබ ඇඳට යන අවස්ථාවේදී, “හෙට උදේට මට නැගිටින්න ලැබේවා!” කියලා ප්‍රාර්ථනා කරන කාලයටයි.

*ඇය කියනවා ඇය වයස අවුරුදු හතළිහට ආසන්න වෙමින් ඉන්නවා කියලා. ඒ මොන පැත්තෙන්ද කියලා මට වටහා ගන්න බැහැ.

*මැද වයසේ සිටීමේ හොඳ ප්‍රවෘත්තිය වන්නේ ඔබේ අරක්කු වීදුරුව තවමත් බාගෙට පිරී තිබීමයි.
නරක පුවත වන්නේ වැඩි කලක් නොගොසින්ම ඔබේ දත් ඒ වීදුරුවේ පාවෙමින් තිබීමයි.


*මැද වයසේ පසුවන කාන්තාවකට ලැබෙන එක් මහඟු අවස්ථාවක් වනුයේ පයෝධරවල විෂම තත්ත්ව අනාවරණය සඳහා වන X කිරණ තාක්ෂණ ‘මැමෝග්‍රැෆිය’ට ඉදිරිපත් වීමයි. උඩුකය නිරුවත්ව සේයාපටයකට මුහුණ දෙන්නැයි ඕනෑම කෙනෙක් කාන්තාවකගෙන් ඉල්ලා සිටින එකම අවස්ථාව එය වෙයි.

*30 යනු කාන්තාවකට හොඳ වයසකි. විශේෂයෙන්, ඇගේ ඇත්ත වයස අවුරුදු 40 නම්...

*මැද වයස යනු කාන්තාවන් ගැබ්බර වීමක් ගැන බියට පත් නොවන කාලයකි. ඒත් පිරිමි ඒ වයසේදී මෙසේ පසුතැවෙන්නට පටන් ගනියි: “මගේ ඇඟත් එයාගෙ වගේ පෙනේවිද?”

*වයස අවුරුදු 20 ගණන්වලදී ලෝකය අපි ගැන හිතන්නේ කොයි ආකාරයටද කියලා අපි තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. වයස 30 ගණන්වලදී ලෝකය අපි ගැන හිතන්නේ මොන අයුරින්ද කියලා අපි අසහනයට පත්වෙනවා. අපේ ජීවිතයේ 40 ගණන්වලදී මේ කිසිම කෙනෙක් අපි ගැන කිසිම තැකීමක් දක්වන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා.

No comments:

Post a Comment