Tuesday, February 9, 2016

එයා ආයේ ආවොත්......?

වයස්ගත යුවළක් නිවාඩුවකට ජෙරුසලමට ගියහ. ඔවුන් එහි සිටියදී බිරිඳ මිය ගියාය. අවමංගල්‍ය සංවිධායකවරයා සැමියාට මෙසේ කරුණු පැහැදිළි කර දුන්නේය.
“ඩොලර් 5,000කට බිරිඳගේ මෘතදේහය ඔබේ රටට නැවෙන් යවන්න පුළුවනි. එහෙම නැත්නම් ඩොලර් 150කට මේ ශුද්ධ භූමියේ වළ දමන්න පුළුවනි.”
මේ ගැන කල්පනා කළ සැමියා, බිරිඳගේ දේහය නැවෙන් ගෙදර යවන්න වුවමනා බව කියා සිටියේය.
මෙයින් පුදුමයට පත් අවමංගල සංවිධායකවරයා සැමියාගෙන් මෙසේ අසා සිටියේය. 
“බිරිඳගේ දේහය නැවෙන් ගෙදර ගෙනියන්න ඔබ ඩොලර් 5,000ක් වියදම් කරන්නේ ඇයි? ඇය මෙහේ භූමිදානය කරන්න ඔබට වියදම් වෙන්නේ ඩොලර් 150ක් විතර‍යිනේ...”
එවිට සැමියා මෙසේ පිළිතුරු දුන්නේය. 
“මීට ගොඩ කාලයකට ඉස්සර මෙහෙදි මිනිහෙක් මැරුණා. එයාව වළ දැමුවා. නමුත් දවස් තුනකට පස්සේ එයා මළවුන්ගෙන් නැගිට්ටා. මට ඒ අවදානම ගන්න බැහැ.”

මචං......

සැමියාගේ බීමත්කම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කාන්තාවක් පූජකවරයෙක් හමුවීමට ගොස් පිළිසරණක් ඉල්ලා සිටියාය. කාන්තාවගේ කතාව අසා සිටි පූජකවරයා අවසානයේ සැමියාගේ බේබදුකම නැති කිරීමේ උපක්‍රමයක් මෙසේ පැහිදිලි කර දුන්නේය.
“ඔබේ සැමියා බීලා ගෙදර එන ඊළඟ දවසේ ඔබ ඔබේ මුළු ශරීරයම වැහෙන්න සුදු රෙද්දක් පොරවා ගෙන ‘මම තමයි යක්ෂයා’ කියලා කෑගහලා ඔහු බය කරන්න.”
සැමියා හොඳටම වෙරි වී වැනි වැනී ගෙදර එන විට මැදියම් රැයත් පසුව තිබිණි. ලොකු සුදු රෙද්දකින් ඇඟ වසාගෙන ඔහු එනතුරු බලා සිටි බිරිඳ එක්වරම සැමියා ඉදිරියට පැන, “හූ...මම තමයි යක්ෂයා..” කියමින් කෑගැසුවාය. එවිට බීමත් සැමියා වහාම දකුණත දිගහැර මෙසේ කීවේය.
“දාපං මචං පහක්..මම බැඳලා ඉන්නේ උඹේ නංගිවයි!”

විවාහයට පෙර සහ පසු

විවාහයට පෙර ඔහු සහ ඇය මෙවැනි පිළිසඳරක...
ඔහු - ඔව්..හොඳටම ඇති. මේච්චර කාලයක් කොච්චර අමාරුවෙන්ද හිටියෙ.
ඇය - ඔයා කියන්නෙ මට යන්න කියලද?
ඔහු - නැහැ! එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා.
ඇය - ඔයා මට ආදරේද?
ඔහු - නැතුව..නැතුව..සිය දහස් වාරයක්.
ඇය - ඔයා මට කවදාවත් වංචාවක් කරලා තියෙනවාද?
ඔහු - නැහැ! ඔයාට එහෙම අහන්න හිතුනේ ඇයි?
ඇය - ඔයා මට ‘කිස්’ එකක් දෙනවද?
ඔහු - මට පුළුවන් හැම වෙලාවෙම.
ඇය - ඔයා මට ගහනවද?

ඔහු - ඔයාට පිස්සුද? 
ඇය - මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද?
ඔහු - ඔව්.
ඇය - ඩාලිං..!
විවාහයෙන් පසුව මේ දෙන්නාගේ සංවාදය කොහොමද කියලා බලන්න (අග සිට මුලට) කියවන්න.